By unusuma.lk on
(LK time)අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්රදේශවලට තද වැසි ඇද හැළුණු අතර කොළොන්නාව, වැල්ලම්පිටිය , කැලණිමුල්ල, අඹතලේ, ගල්වාන සහ මල්වාන නගරයන් ජලයෙන් යටවිය.
කැලණි ගඟ නාගලගම් වීදිය සහ හංවැල්ල යන ජල මාපකවල සුළු ගංවතුර තත්ත්වයක් දැකගත හැකි වු අතර කැලණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල පහත්බිම් රැසක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවිය.
කැලණි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග හංවැල්ල ජල මාපකයේ ජල මට්ටමද මීටර්. 8.8 දක්වා ඉහළ ගිය අතර පහත්ගම, සීවලීවත්ත, ගොඩපරගොඩැල්ල, ජයවීරගොඩ, වලව්වත්ත, වනහගොඩ, ඊරියගොල්ල ඇතුළු පහත් බිම් රැසක් ජලය යටවිය.
මීට අමතරව කළු ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයක් පැවති අතර කළුතර – බණ්ඩාරගම ප්රධාන මාර්ගය ජලයෙන් යටවිය.