ඉදිරි පැය 48 ගැන දැනුම්දීමක්.!

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය එළඹෙන (27) වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close