වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අවනඩුව.!

වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා තිබූ තිබූ ගබඩාවෙන් නඩු භාන්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

මෙලෙස සොරාගෙන ඇත්තේ ගංජා කිලෝ ග්‍රෑම් 170ක් සහ විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය පවසයි. ඒ වැල්ලවාය අධිකරණයට අනුයුක්තව සේවය කරනා කාර්යාල කාර්ය සහායකයෙක් විසිනි.

එම සොරාගත් ගංජා තොගයේ ඇස්තමේන්තු මිල රුපියල් කෝටියකට අධික බව පොලිසිය පවසන අතර සොරකම සම්බන්ධව කොස් ලන්ද, මා වෙළගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරාගන්නා ලද විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත්තේ ගෝනගං ආර පොලිසිය විසිනි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement