ශ්‍රී ලංකාව තුළ අවි ආයුධ නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම්.!

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර නැඟුනු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ සුළු අවි (Small arms) නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා..

“අපි රජයක් විදියට මේ වන විට සුළු අවි (Small arms) නිෂ්පාදන කර්මාන්තශාලා ඒකකයක් ගොඩනැගීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා, පසුගිය දශක කිහිපය තුළ ඉන්දියානු ආයුධ නිෂ්පාදන කර්මාන්තය විශාල වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා, අපිට බොහෝ දේ ඔවුන්ගෙන් ඉගෙන ගත හැකියි, අපි මේ වනවිට එම මොඩලය අධ්‍යයනය කරමින් සිටිනවා”

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement