By unusuma.lk on
(LK time)බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුව බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු – පුදුචෙරි වෙරළ වෙත ලඟා වනු ඇත.
ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් උතුරු පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළුන් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව සදහන් කරයි එම.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සදහන් කරයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 50-55 අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.