කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට කල්පනාකාරීව කටයුතු කරනා ලෙසයි.