“මැතිවරණ 4ක් පැවැත්වීමට නියමිතයි”

ඉදිරි මාස 7 – 8 කාලය රටට ඉතාම වැදගත් බවත් ඉදිරියේදී මැතිවරණ 4ක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,

” ඉදිරි මාස 7 – 8 කාලය මේ රටට ඉතාම වැදගත්. මැතිවරණ 4ක් පවත්වන්න නියමිතයි. අනිවාර්යයෙන් ඔක්තෝම්බර් (17) ට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට ඕනේ.

මේ රටට ගැළපෙන ධාර්මික දේශපාලනික සංස්කෘතියක් හදන්න ඕනේ. අපිට අනෙකුත් පක්ෂ ගැන කථා කරන්න ඕනේ නෑ. ඒ බලවේගය හදන්න පුළුවන් අයශ්‍ය න්‍යෂ්ටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුයි. අපි ඒ සියලු දෙනාට නැවත වතාවක් ආරාධනා කරනවා යළි එකතුවෙන්න. අපිට ඕනේ කියලා නෙ‍මෙයි.”

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement