ආයෙත් පාස්කු ප්‍රහාරයක් සිද්ධවුණොත් වැඳගෙන එන්නේ.!

ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුව වෙනුවෙන් ගෙනෙන පනතක් නොව රටේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එන පනතක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල සමග සාකච්ඡාවකට එක්වෙමින් තවදුරටත් සදහන් කළේ,

“යමෙකු ජනමාධ්‍ය හරි, සමාජ මාධ්‍ය හරි වෙන කුමන මාධ්‍යයක් හරි භාවිත කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවකට නම් ත්‍රස්තවාදී පනතට අහුවෙනවා. එක අපේ රටේ විතරක් නෙමේ ත්‍රස්තවාදය පිළිබඳ ලෝකයේ නීති පනවපු හැම රටේම තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔප්පු වුණොත් අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ.එහෙම නොකරන රටක් නැහැ. එහෙම නැතිනම් ආණ්ඩුවක් වැඩක් නැහැනේ. මගේ ස්ථාවරය මම පක්ෂයක් වෙනුවෙන් හෝ නායකයෙක් වෙනුවෙන් කවදාවත් වෙනස් නොකරපු දේශපාලනඥයෙක්.

මේක රටට ගැලපෙන හැමෝටම පිළිගන්න පුළුවන් සාධනීය පනත් කෙටුම්පතක්. අවසාන වශයෙන්, මගේ තීරණය ම නෙමේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. මේක මේ මං වෙනුවෙන්වත් ආණ්ඩුව වෙනුවෙන්වත් ගේන එකක් නෙමේ.මේක තව දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජාතික ආරක්ෂාව බළලා ගේන එකක්.

ඔය විවේචනය ඉදිරිපත් කරන අය ඔය ඔක්කොම ආපහු යම් අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක් සිද්ධවුණොත් ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා ත්‍රස්ත පනත කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියලා, ඔය කණ්ඩායමම. මේක විවේචනය කරන අයගේ ජීවිත ආරක්ෂා කරන්නයි මේක තියෙන්නේ.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close