ඇමති කංචන ඉන්ධන සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක් ගනී.!

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සියලුම ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකද තීරණ රැසක් ගෙන ඇත.

එහිදී සියලුම ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවට තීරණය කල බව අමාත්‍යවරයා සදහන් කරයි.

එම ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම එළඹෙන අප්‍රේල් 15වනදා වන විට අවසන් කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග පැවති විශේෂ හමුවකදී මෙම තීරණ ගත් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close