ලංකාවේ මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වු එක්ප්‍රස් පර්ල් (Xpress Perl) නෞකාවේ අනතුරට පසු ලංකාවේ බලධාරියෙකු අල්ලසක් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුණු බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ එම පුද්ගලයාගේ ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබුණු බවත් එම පුද්ගලයා සිංහල නමක් ඇති පුද්ගලයෙක් බවත් අදාළ ගිණුම් අංකයක් එම ගනුදෙනුවේ අංකයත් තමන්ට ලබාදී ඇති බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් පොලිස්පතිවරයාට, රහස් පොලීසියට තොරතුරු බාරදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් ඇති බවද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කරයි.