22 හැවිරිදි තරුණිය ඝාතනය කර සිරුර කැලයේ වලදමයි.!

ගම්පොළ ඔසුසලක සේවය කරන 22 හැවිරිදි ෆාතිමා මුනව්වරා නම් තරුණිය ඉකුත් 05 දින සිට අතුරුදන්ව ඇත.

ඇය උදෑසන රැකියාව බලා නිවසින් පිටත්ව බස් රථයක් ලබාගැනීමට වැලිගල්ල නගරය දක්වා කිලෝමීටර 2ක් පයින් යා යුතු අතර එම මාර්ගය දැඩි පාළු ස්භාවයක් ගනී.

කෙසේ වෙතත් මේ වනතෙක් ඇයව හමුවී නොමැති අතර ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව තවදුරටත් සදහන් කළේ,

“මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව.

දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා තිබෙනවා. නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක එම ප්‍රදේශයේම තරුණයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවත් වාර්තා වුණා.”

Loading

RSS