බඩවැල් පිපිරී තරුණයෙක් මරුට.. හුලං බටයක් පසුපස ප්‍රදේශයට අල්ලලා.!

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුන දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය සඳහන් කළේය.

මෙම තරුණයා මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර, සේවයේ යෙදී සිටියදී ඔහුගේ යහලුවන් දෙදෙනෙකු විසින් විහිළුවක් කිරීම සදහා මියගිය තරුණයාගේ ගුද මාර්ගයට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ පුවතක් වාර්තා වේ.

එම සිදිවීමෙන් පසු තරුණයාගේ උදරයට හුළං පිරී අසාධ්‍ය තත්වයට පත්ව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇති බව සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ සැකකාර සේවකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසීය.

එම සැකකාර සේවකයින් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බව සදහන්.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS