දීර්ඝ සටනකින් පසු යුක්රේනයේ ලුණු ආකර නගරක් වන සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සොලොඩාර් නගරය අත්පත් කරගැනීම හේතුවෙන් ඊට ආසන්න නගරක් වන බක්මුට් හි බලය තහවුරු කර ගැනීම ඉතා පහසු වනු ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත.
සොලොඩාර් නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවත් එහි සටන් තවදුරටත් පවතින බව යුක්රේන ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇත.