මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී.!

ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මේටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව මේටා සමාගම සදහන් කරයි.

සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපෑම් ඇතිවන බවත් ඒ හරහා සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිත බවද සදහන් කරයි.

මෙම 2023 වසර කාර්යක්ෂමතා වසර බවට පත්කිරීම එහි අරමුණ බවද මේටා සමාගම තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close