වී මෝල් හිමියන්ට නාස් ලනුව වැටෙයි.. ආණ්ඩුව වැඩේට අත ගහයි.!

No useAttention (English)1 month ago259 Views

වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසන්නේ මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බවයි.

වී ගබඩාකරුවන් විසින් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිරීම එහි අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි කාලසීමාව තුළ හිගයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට මැදිහත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉදිරියේදී වී සහ සහල් සදහා සහතික මිලක් එකවර තීරණ කර ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search Trending
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

Join our WhatsApp Group now to stay up to date with the latest happenings of the day.

hot list