No use

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම ගැන ජනපති කියයි.!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම ගැන ජනපති කියයි.!

නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බව

නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවත් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් බවද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ

අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමින්

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“රට ගොඩනැගීම සඳහා අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඉතා දියුණු ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් අපි උපරිමයෙන් උත්සාහ දරමින් සිටිනවා. ඩිජිටල්කරණය, වාහන ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කරනවා.

මේ සියල්ල ලබාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. අපි රාජ්‍ය සේවයට ඉහළම වැටුප් වැඩි කිරීමක් සිදු කළා. වැටුප් වැඩිවීම සඳහා පමණක් රුපියල් කෝටි 33,000ක් අපි දරනවා.

රාජ්‍ය සේවය ආකර්ෂනීය ස්ථානයක් බවට පත් කිරීම මෙන්ම රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් ජීවිතයක් ලබා දීමේ අරමුණක් අපිට තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය අපේ රටේ පැවැත්මේ වැදගත් සාධකයක්.

ඒ වගේම පොලීසිය, ත්‍රිවිධ හමුදාව රටේ පැවැත්මේ ප්‍රධාන සාධකයක්. මම දන්නවා ඔබේ දීමනාවන්හි ගැටලුවක් තිබෙන බව. හමුදාවේ අයගේ ආහාර දීමනා, පොලිසියේ අයට අවදානම් දීමනාව, අපි මේ සියල්ල සමාලෝචනය කරමින් තිබෙනවා.

අපිට පොඩි කාලයක් ලබා දෙන්න. 2027 වසරේදී 03 වන වැටුප් වර්ධකය සිදු කිරීමෙන් පසුව අපේ අයවැය ලේඛනය පිළිබඳ අවධානය යොමු කරමින් ඉතිරි දීමනා ලබා දීම පිළිබඳ සැලකිලිමත් වෙනවා.”

අගමැති හරිනි ADB සභාපති හමුවෙයි.!

අගමැති හරිනි ADB සභාපති හමුවෙයි.!

ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්ඩා හමුවී ඇත.

ලෝක ආර්ථික සංසදය පවත්වන ස්විට්සර්ලන්තයේ කොංග්‍රස් මධ්‍යස්ථානයේදී මෙම හමුව සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර ඇත.

විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසෙයි.!

විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසෙයි.!

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට (12) වන සඳුදා දින උදෑසන 9.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.

එළඹෙන (12) වැනිදා ආරම්භ කරන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තුරු අනිවාර්යයෙන්ම සිදුකරන බවද විමල් වීරවංශ සඳහන් කරයි.

එනිසා මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවද විමල් වීරවංශ සඳහන් කරයි.

දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වාදී ඇති බවද විමල් වීරවංශ සඳහන් කරයි.

පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවද විමල් වීරවංශ සඳහන් කරයි.

අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය you tube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවද විමල් වීරවංශ සඳහන් කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

පාරිභෝගිකයින්ට තවත් සහන.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ මිල ගණන්.!

පාරිභෝගිකයින්ට තවත් සහන.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ මිල ගණන්.!

පාරිභෝගිකයින්ට සහන සලසමින් ලංකා ස.තො.ස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කර ඇත.

බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 625යි.

සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 218යි.

රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 206යි.

රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 258යි.

සුදු සීනි කිලෝවක මිල රුපියල් 205යි.

දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 245යි.

ආනයනික ඉන්දියානු ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 225යි.

සුදු ලූණු කිලෝවක මිල රුපියල් 450යි.

මුං ඇට කිලෝවක මිල රුපියල් 625යි.

කඩල කිලෝවක මිල රුපියල් 385යි.

රට කජු කිලෝවක මිල රුපියල් 1,117යි.

හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 830යි.

රතු කව්පි කිලෝවක මිල රුපියල් 875යි.

සුදු කව්පි කිලෝවක මිල රුපියල් 890යි.

OCEAN STAR ටින් මාළු 425g එකක මිල රුපියල් 425යි.

පාන් පිටි කිලෝවක මිල රුපියල් 153යි.

වියලි මිරිස් කිලෝවක මිල රුපියල් 895යි.