රන්මාලයක් උකස් තැබීමේ චෝදනාවකට අදාළව තලංගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පිනී හර්ෂි රසාංගා උකස් තැබූ එම රන් මාලයේ හිමිකරු ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ බවට අනාවරණය කර ඇත.
රංගන ශිල්පිනී හර්ෂි රසාංගා හා භානුක රාජපක්ෂ අතර තිබූ ප්‍රේම සබදතාවයකට අනුව ඔහු මෙම රන්මාලය ඇයට තෑගි කොට තිබූ බවත් පසුව දෙදෙනා වෙන්වීමෙන් අනතුරුව භාණුක රාජපක්ෂ නැවතත් එම රන්මාලය ඇයගෙන් ඉල්ලා තිබූ බව හර්ෂි රසාංගා සඳහන් කරයි.
විදෙස්ගතව සිටි තමා දිවයිනට පැමිණි පසු භානුක රාජපක්ෂ තමන්ට විවාහ යෝජනාවක් රැගෙන ආ බවත් ඔහු සිය නිවසට පැමිණ තම දෙමාපියන් මුණ ගැසී ඒ සඳහා අවසර ඉල්ලා සිටි නමුත් තමන් ඊට මුලදී අකමැති වූ බවද හර්ෂි රසාංගා සඳහන් කරයි.
ඒ වන විටත් තමන් මුල් විවාහයෙන් වෙන්වී නොසිටි අතර භානුක රාජපක්ෂද සිය විවාහය අවසන් කර නොතිබූ බවත් පසුව ඔහුගේ බලකිරීම මත දෙමාපියන් මෙම සබදතාවයට අවසර ලබාදුන් බවත් ඒ අනුව වසරකට ආසන්න කාලයක් විවිධ හැලහැප්පීම් මැද මෙම සබදතාවය ගොඩනැගුණු බව හර්ෂි රසාංගා සදහන් කරයි.
ඔහු සිය බලය භාවිතා කරමින් අවස්ථා කිහිපයක ඉතා දුරදිග ගිය රණ්ඩු සරුවල් ඇතිවූ අතර එම අවස්ථාවන්වලදී ඔහු විසින් ලබාදුන් තෑගි, ජංගම දුරකතන හා ලැප්ටොප් පරිගණක නැවත ඉල්ලා සිටි බවද හර්ෂි රසාංගා සදහන් කරයි.
නමුත් සමාව ඉල්ලා යළි සබදතාවය අලුත් වූ පසුව එම භාණ්ඩ තමන්ට යළි ලබා දුන්නද දිගින් දිගටම වෙන මෙම ක්‍රියාවලියට තමන් අකමැති බැවින් තමන්ට කිසිදු භාණ්ඩයක් ලබානොදෙන ලෙසට භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බව හර්ෂි රසාංගා සදහන් කරනවා.
අනතුරුව තමා විවාහ කරගන්නා බව පවසා එත්තරා බහින්බස්වීමකින් අනතුරුව මෙම රන්මාලය තමාගේ ගෙලෙහි භානුක රාජපක්ෂ පැළදූ බවත් නමුත් පසුව එයද තමන්ගෙන් ඉල්ලා සිටි බවද හර්ෂි රසාංගා සදහන් කරනවා.
අනතුරුව තමන් මෙම රන්මාලය උකස් කර ලක්ෂ 6ක මුදලක් තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් භානුක රාජපක්ෂ පොලිසියේ පැමිණිල්ලක් කර ඇති අතර අදාළ පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මෙම කිසිදු තොරතුරක් මාධ්‍යයට නොයන ලෙසට තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇති බව හර්ෂි රසාංගා සදහන් කරනවා.

