අද රාත්‍රී 7ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට අදාළව බුද්ධි අංශ නිලධාරීන් ඇතුළුව මේ වනවිට පොලිස් නිලධාරීන් 5,000ක ප්‍රමාණයක් යොදවා ඇතැයි පොලීසිය පවසයි.
බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මේ බව සඳහන් කර සිටියේ පොලීසිය විසින් පැවැත්වූ ලබන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වනවිට තරගය සඳහා සහභාගී වෙන කණ්ඩායම් දෙක නතර වී සිටින හොටල්වලට මෙන්ම මාර්ගවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර රථවාහන රාජකාරී සඳහා නිලධාරීන් 350ක්, විශේෂ පොලිස් බළකායේ නිලධාරීන් 300ක්, පොලීසියෙන් 2,800ක් සහ බුද්ධි නිලධාරීන් රැසක් රාජකාරියේ යොදවා ඇති බවද බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.
