ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් රංගන ශිල්පිනියක් විසින් සොරාගෙන බත්තරමුල්ලේ පිහිටි පුද්ගලික මුල්‍ය ආයතනයක උකස් තබා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිල්ල අනුව අද (30) දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව නව පරපුරේ රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, එම රන් මාලය උකස් කර තිබුණද එය බේරාගෙන හිමිකරුට නැවත භාරදීමට හැකියාව පවතින බවයි.
අනතුරුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනතුරුව මෙම නඩුව නැවත අප්‍රේල් මස (22) වන දින කැඳවීමට නියමිතය.
කෙසේ වෙතත් අදාළ රන් මාලය තලංගම පොලීසිය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

