අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර එළඹෙන අප්‍රේල් මස (06) දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමග බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් වාර්තා වේ.
ඒ අනුව අද (27) දින පෙරවරුව වනවිට ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර අමෙරිකානු බොරතෙල් (WTI) මිල 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස සටහන් වී ඇත.

