අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානය වෙත පහරදීමෙන් පසුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී මාසයක කාලයක් තුළ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල 59%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෛනික ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවූ හෝමූස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග යුද ගැටුම් නිසා අවහිර වීම හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.
හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහරදීමත් සමග රතු මුහුද හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහනයට අවහිරතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ලෝකයේ ප්‍රමුඛතම මුහුදු මාර්ග දෙකකට දැඩි බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ලෝක වෙළෙදපොළේ තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බව පුරෝකතනය කර ඇත.

