ඩලස් අලහප්පෙරුමගේ බිරිඳට අගමැතිනියගෙන් සම්මානයක්.!

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ ගායිකාවක් සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ බිරිඳ වන ප්‍රදීපා ධර්මදාස මහත්මියට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළෙ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමිවිය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වුණි.

ඇය සම්භාවනාවට පාත්‍ර වූ කාන්තාවන් අතර දශක හතරකට ආසන්න තම සෞන්දර්ය චාරිකාවේ දී සප්තප්ස්වරය කිසිදු වාණිජමය නැවතුම්පොළක නොරැඳවීමට තරම් ධෛර්යය සම්පන්න වූ ගායිකාවකි.

මෙම උලෙළේදී ප්‍රදීපා ධර්මදාස මහත්මියට අමතරව, යොහානි ද සිල්වා සහ උමාරියා සිංහවංශ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ද අනෝජා වීරසිංහ, උපුලී පනීභාරත සහ මිෂෙල් දිල්හාරා, රංගනය වෙනුවෙන් ද කුමාරි ග්‍රේරෝ, අධ්‍යාපනයේ නව්‍යකරණය වෙනුවෙන් ද ස්ටෙෆනි සිරිවර්ධන සහ කැරොලයින් ඡූරි මානව සංවර්ධනය වෙනුවෙන් ද භාග්‍යා සෙනවිරත්න සහ රමණී ප්‍රනාන්දු ආයෝජන ක්ෂේත්‍රය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වූහ.

Loading

2 Comments

(Hide Comments)
  • හේමා රණවක.

    March 27, 2025 / at 10:14 pm

    ඉතා නිහතමානී අව්‍යාජ මහත්මිය ක්..ප්‍රදීපා මැතිනිය මගේ සුබ පැතුම් ❤️❤️.

  • Pdelpechitra

    March 28, 2025 / at 6:36 am

    සුදුස්සාට සුදුසු තැන ලැබීම ඉතාම ප්‍රශංසනීයයි. තක්කඩි දේශ පාලන නරා වලට වැටිල නන්නත්තාර වෙලා ඉන්න මෙතුමියගෙ සැමියාත් එසේ නොවුණා නම් ඉතා හොඳ වැදගත් මහත්මයෙක්.

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...