දේශබන්දුට එරෙහිව පොහොට්ටුව පස්ස ගහයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තනතුරෙන් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙනැවිත් තිබෙන යෝජනාවට සහාය දෙනවාද.? නැද්ද.? යන තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව විසින් තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සදහන් කරයි.

මන්ත්‍රී ඩී.වී. චානක සදහන් කළේ,

“අපි පළමුවෙන් අධ්‍යයනය කරන්න යනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන බලයක් පාර්ලිමේන්තුවට ගන්න යනවද.? එහෙම නැත්නම් අධිකරණය තුළ විසඳාගත යුතු දෙයක්ද.? පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා.

මේ වගේම පොලිස්පතිවරයාට දක්වපු චෝදනා පිළිබඳ පක්ෂයක් විදියට තීරණයක් ගන්නේ විධායක සභාවට දාලා එහි අනුමැතිය අරගෙන. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව පිළිබඳවත් අධ්‍යයනය කරලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ.”

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

2 Comments

(Hide Comments)
  • Gamini palihawadana

    March 27, 2025 / at 5:08 am

    තමන්ගෙ එකෙකුට විරුද්ධ වෙයිද .

  • Shantha Gunasekera

    March 27, 2025 / at 5:41 am

    නැතුව නැතුව, ඌ මොනව කලත් අපේ එකානෙ

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...