සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසරේ ජූලි මස (04) වැනි දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත.
අයදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් එළැඹෙන අප්‍රේල් මස (04) වැනි දින දහවල් 12.00 වන දක්වා භාර ගනු ලබන බවත් නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්යය බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් නියමිත අවසන් දිනයට පෙර අයදුම්පත් ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගන්නා බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

