කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය හේතුවෙන් ගින්නක් හටගෙන ඇත.
කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකියක් ඉලක්ක කර ගනිමින් එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන කණ්ඩායම් එම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

