2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති අතර විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස (01) වන දින සිට ක්‍රියාත්මක වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණේය.
ඒ අනුව ඒකක (0 – 30) දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ යයි.
ඒකක (31 – 60) අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ යයි.
ඒකක (61 – 91) අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 120කින් ඉහළ යයි.
ඒකක (91 – 120) දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 7.1%කින් ඉහළ දමා ඇති අතර එහි මාසික ගාස්තුව 420කින් ඉහළ යයි.
ඒකක 180ට වැඩිවීම සඳහා විදුලි ගාස්තු 25%කින් ඉහළ දමා ඇති අතර රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමට කොමිසම තීරණය කර ඇත.
මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇත.
එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබාදීමට කොමිසම තීරණය කර ඇත.
මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දමා ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

