බලශක්ති ආර්ථිකය සංවර්ධනයට ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතීත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත.
තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 වර්ෂයේ අයවැය මඟින් අවධාරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග සහ ප්‍රතිඵල ලබා දීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
ආචාර්ය හාන්ස් විජේසූරිය – සභාපති
දුමින්ද හුලංගමුව
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන
ඩී.ජේ රාජකරුණා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්
බලශක්ති අමාත්‍යාංශය ලේකම්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්
