ඉතිහාසයේ දරුණුතම දේශගුණික අර්බුදයට අවතීර්ණ වන පෘථිවිය

ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වනවිට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සඳහන් කරයි.

පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් ඇති අතර සාගර රත්වීම සහ අයිස් කඳු දියවීම හේතුවෙන් මාරාන්තික ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය සහ දැඩි සුළි කුණාටු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි වසර දෙක තුළ ඇතිවිය හැකි එල් නිනෝ බලපෑමත් සමඟ ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සඳහන් කරයි.

කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරා ගනිමින් පවතින බවද එම සංවිධානය සඳහන් කරයි.

2026 වසරේ දෙවන භාගයේදී එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර එමඟින් එළඹෙන 2027 වසරේදී ලෝක උෂ්ණත්වය තවත් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවයි.

විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට අමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින 40°C ට වඩා වැඩි අධික උණුසුම් කාලගුණය (Heatwave), මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ දේශගුණික විපර්යාසයන්හි සෘජු ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest