ජීවිතයෙන් සමුගත් ගුවන් නියමුවා.. සංවේදී සටහනක්.!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබා දෙමින් සිටියදී හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්විය.

එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව ඔවුන් කඩිනමින් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කළේය.

එහෙත් ප්‍රධාන ගුවන් නියමු 41 හැවිරිදි විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය සඳහන් කළේය.

හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා ඇත.

“පුංචි.. පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල් DITWA සුළි කුණාටුව නිසා 
තම ජීවිතය අකල් හි පූජා කල 
ශ්‍රී ලාංකිකයන් අතරට ඊයේ දිනයේදී එක්වුවේ මිල කල නොහැකි ශ්‍රී ලාංකික 
ගුවන් නියමුවරයෙක් ලෙස..
රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක් තබමින්..”

17 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments