හෝමුස් සමුද්‍ර සන්ධිය තම නීත්‍යානුකූල අයිතියක් වන බවත් එය ඉදිරියටත් තම ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කරන බව ඉරානය සඳහන් කරයි.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බව ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා සඳහන් කරයි.
“මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි.”
“වෙනත් ඕනෑම ප්‍රවාහන මාවතකදී මෙන්ම, භාණ්ඩ රටක් හරහා ගමන් කරන විට බදු ගෙවනු ලබනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ද එවැනිම මාවතක්. අපි එහි ආරක්ෂාව සහතික කරන බැවින්, නෞකා සහ තෙල් ටැංකි ඒ සඳහා ගාස්තු ගෙවීම ස්වාභාවිකයි.”

