විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගීවීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණියේය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 41ක් දෙනෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු ගුවන් මගින් මෙරටට පැමිණියේය.
ලෝකයේ වැඩිම අවධානය දිනාගත් මෙම තරගය හෙට (15) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
