පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති, අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායේ (82nd Airborne Division) සාමාජිකයින් 1,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යැවීමට අමෙරිකානු බලධාරීන් සූදානම් වන බව අද (25) විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති එවැනි හමුදා භටයින් 3000ක් පමණ මැද පෙරදිගට යෑමට නියමිත බව ඇතැම් වාර්තාවල දැක්වෙයි.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝට් බ්රැග් (Fort Bragg) කඳවුරේ ස්ථානගත කර සිටින අමෙරිකාවේ 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ පැරෂුට් ආධාරයෙන් ගොඩබැසිය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සතිය අගදී තවත් අමෙරිකානු මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයින් රැගත් නෞකා කිහිපයක් මැදපෙරදිගට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ, අමෙරිකාව ඉරානය ඉලක්ක කර ගනිමින් කිසියම් ගොඩබිම් මෙහෙයුමක් වෙනුවෙන් හමුදා බලඇණි සූදානම් කරමින් සිටින බවයි.
අමෙරිකාව සිදුකරන ඕනෑම ගොඩබිම් ආක්‍රමණයක් ඉරාන හමුදාව සාදරයෙන් පිළිගනු ඇති බව ඉරානයේ මහාචාර්ය ෆෝඩ් ඉසාඩි (Foad izadi) විදෙස් මාධ්‍යය සමග සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කරයි.

