ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් දේපළවලට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබඳව ඉරාන රතු කුරුස සංගමය වාර්තාවක් නිකුත් කර ඇත.
ඉරානයට ගුවන් ප්‍රහාර ආරම්භ වී සති පහක් ඇතුළත සිවිල් ස්ථාන 93,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු කුරුස සංගමය සඳහන් කරයි.
නිවාස 71,547ක්, වෙළෙඳසැල් 20,779ක් විනාශ වී ඇති බවත් ටෙහෙරාන් අගනුවර පමණක් නිවාස සහ වෙෙළඳසැල් 31,562කට හානි සිදුව ඇති බවද සඳහන් කරයි.
ඉරානයේ පාසල් 600කට සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 295කට ප්‍රහාර එල්ල කර ඇති අතර ගිලන් රථ 46කට සහ හදිසි අනතුරු සේවා වාහන 48කට හානි සිදුව ඇති බවද එම සංගමය සඳහන් කරයි.

