ලෝකයම මහත් නොසන්සුන්තාවයකින් බලා සිටි අමෙරිකා සහ ඉරාන යුද ගැටුම් තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
අමෙරිකානු හමුදා ප්රහාර හමුවේ ඉරානය මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව ධවල මන්දිරයේ සිට විශේෂ ප්රකාශයක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
ඉරානය සමඟ පැවති යුදමය තත්ත්වය අමෙරිකාව ජයගෙන ඇති බවත් ඉරාන හමුදාවන්ට නැවත හිස එසවීමට නොහැකි වන පරිදි දැඩි ප්රහාර එල්ල කර ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
විශේෂයෙන්ම ඉරානයේ ප්රධාන ආරක්ෂක ස්ථරයන් වන නාවික සහ ගුවන් හමුදා බලඇණි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අමෙරිකානු හමුදාව සමත් වූ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
“අපි මේ යුද්ධය ජයග්රහණය කළා. ඉරානය මිලිටරිමය වශයෙන් දැන් අවසන්. ඔවුන්ගේ නාවික සහ ගුවන් හමුදා බලය අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා.”
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මෙම ප්රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ මෙන්ම සමස්ත ලෝක දේශපාලනයේම උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.
කෙසේ වෙතත් ඉරාන පාර්ශවයෙන් මේ දක්වා මෙම ප්රකාශය සම්බන්ධයෙන් නිල ප්රතිචාරයක් දක්වා නොමැත.

