විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.!

ආගමන විගමන දෙපාර්තමේන්තුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ වහාම මෙම සේවාවන් නැවත ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments