හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ඒ මෙරට කාන්තාවන්ට සහ පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සදහායි.
සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, වත්මන් ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.
එම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසින්ය.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට නීතිමය අවසරයක් නැති බවයි.
2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් මඟින්, මනෝ වෛද්‍ය නිර්දේශ මත ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ ලබාදීම නීතිවිරෝධී බව පෙත්සම්කරු සඳහන් කරයි.
ජූලි මස (20) වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සතියක් ඇතුළත වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ,
*හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
*හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
*වත්මන් ජනපති වෙනුවෙන් නීතිපති
*කාන්තා කටයුතු අමාත්‍ය
*සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

