ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත.
පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වු අතර ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත.
ඒ අනුව ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතියෙන් පසුව ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
