ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ.!

දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී ඇත.

මගී ගුවන් පාලම කඩා වැටීමෙන් මරදාන සිට ගාල්ල දෙසට ගමන් ගන්නා මාර්ගයේ එක් මන්තීරුවක් මුළු මනින්ම අවහිර වී ඇත.

පාලම කඩාවැටෙන අවස්ථාවේදී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

රාත්‍රී 7.40ට පමණ පාලම කඩාවැටී ඇති අතර දුම්රිය මාර්ගයේ සුන්බුන් ඉවත් කිරීමද කඩිනමින් සිදුකරමින් ඇත.

දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මගීන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

අද (27) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයෙන් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

One Comment

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 27, 2025 / at 4:14 am

    Cgr.building dept එකෙ වැඩ තමයී

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...