රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ මේ වනවිට සේවය කරනු ලබන එස්.ඩී. පාඩිකෝරාලගේ සේවා කාලය 2026-04-01 දිනෙන් අවසන් වීමට නියමිතය.
2013-06-26 දිනැති රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මේ වනවිට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රජයේ මුද්‍රණාලයාධිපති ලෙස සේවය කරනු ලබන මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම සේවයේ 1 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරි ආර්.ඒ.පී.කේ. ජයරත්න 2026-04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
