මධ්‍යම විපක්ෂ නායක රක්ෂිත බන්ධනාගාරයට.!

අද (26) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෙතෙම හනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.

රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Loading

One Comment

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 27, 2025 / at 3:16 am

    එයා unp කාරයෙක් කොහොමද npp ආන්ඩුවෙ රක්ෂාව. වගාවට දෙන්නෙ?ආන්ඩුවේ අපකීර්තියට පත් කරන්න හදන වැඩක්ද දන්නෙ නෑහැ සොයි බැලිය යුතුයි.

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...