පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පසුගියදා සඳහන් කළේය.
පසුගිය (16) වැනිදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒකවෙමින් නීතිඥ උදය ගම්මන්පිල මේ බව සඳහන් කළේය.
නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේ,
“ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා කවුද කියන එක මාර්තු මාසෙ (31) වැනිදා හෙළිදරව් කරන්න අපි සූදානම්.
වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂණයක් කරලා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු සොයා යෑම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් අපි සකස් කරා.
ඒ පර්යේෂණ ග්‍රන්ථය මාර්තු (31) වෙනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.”

