වැටුප හොරෙන් ගත්තොත් වැඩ වරදී.!

එළඹෙන සිංහල හා හින්දු අවුරුදු උත්සවය වෙනුවෙන් මෙවර විශේෂ විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනයක් ප්‍රකාශ කර නැතත් විශ්‍රාම වැටුප අප්‍රේල් (09) වනදාට ලැබෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේතුව සදහන් කරයි.

මේ අතර විශ්‍රාම වැටුප හිමි පුද්ගලයින් මියගිය පසුව හිතාමතාම එම මුදල් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් එම මුදල නැවත අය කර ගන්නා බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි සදහන් කරයි.

එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පමුණුවන බවත් හිතාමතා කරන එවැනි වැරැදි වලට දැඩි දඬුවම් ලබාදීම නිසා එවැනි සිද්ධි වාර්තාවීම අඩු වී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි සදහන් කරයි.

විශ්‍රාමිකයන්ගෙන් වාර්ෂිකව ලබා ගන්නා ජිවිත සහතික හේතුවෙන් මෙම තත්ත්වය අවම වී ඇති බවත් ග්‍රාම නිලධාරීන් සිය රාජකාරිය අකුරටම ඉටුකිරීම නිසා බොහෝ දුරට වංචනික ක්‍රියා අඩු වී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...