බන්ධනාගාර පාතාලය අවසන් කරන්න අලුත් වැඩක්.!

පාතාල හා සංවිධානාත්මක අපරාධකරුවන් සහ එම සාමාජික කල්ලිවල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා බන්ධනාගාර තුළ සෑම සිර කුටියකම CCTV කැමරා සවි කිරීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇති බව වාර්තා වේ.

වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, මීගමුව, කළුතර, ගාල්ල, අගුණ කොළපෑලැස්ස හා අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ එම උපකරණ දැනට සවිකර ඇත.

අනිකුත් බන්ධනාගාර 29 සඳහා නුදුරේදීම කැමරා සවි කොට සිරකුටි නිරීක්ෂණය කරන බවත් මෙම කල්ලි කණ්ඩායම්වල නිරතුරුව පවතින ගැටුම් මැඬපැවැත්වීම සඳහා ද මෙම උපකරණ උපයෝගි කර ගැනීමට හැකිවනු ඇතැයි ද එහි කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...