සිංගප්පූරුවේ සැප ගන්න ගිහිල්ලා ඉන්න හිටපු ජනාධිපති

කොතරම් තෙල් නැව් මෙරටට ගෙනැවිත් කොළඹ වරාය වටේ පාක් කරලා තිබුණත් ලංකාවේ මාසයක් තෙල් තියාගන්න ටැංකි නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එනිසා ජාත්‍යන්තරය වශයෙන් පවතින තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජය සැලසුම් සහගතව මේ වනවිට කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“අමෙරිකාවෙනුයි, රුසියාවෙනුයි, චීනෙනුයි, ඉරානෙනුයි අපිට තෙල් නිකන් ගෙනත් දුන්නා කියලා. තෙල් නැව් ගෙනැල්ලා කොළඹ වරාය වටේ පාක් කරා කියලා. ඒත් තෙල් ගහන්නේ කොහෙටද.?

සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ටැංකියක් තියනවාද.? රාජපක්ෂලාගේ ටැංකියක් තියනවාද.? චන්ද්‍රිකා බණ්ඩාරනායකලාගේ ටැංකියක් තියනවාද.? අර සිංගප්පූරුවේ දැන් සැප ගන්න ගිහිල්ලා ඉන්න හිටපු ජනාධිපතිගේ ටැංකියක් තියනවාද.? නෑ.

ලංකාවේ මාසයක් තෙල් තියාගන්න තැනක් නෑ. මාසෙකට වඩා. දැන් ගල්අඟුරු ප්‍රශ්නයක් එනවා. හරි අපි හිතමුකෝ නිකන් ලෝකයේ හොදම හොද උසස්තම ගල්අඟුරු නැව් 500ක් හම්බුනා කියලා. කොහෙද තියන්නේ.? තියාගන්න තැනක් නෑ.”

නුවරඑලියේ පැවති මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments