ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුලු දුත පිරිසක් අද (26) දිවයිනට පැමිණිමට නියමිතය.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඉන් අනතුරුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) දින ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතය.
එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් කිහිපයක් සහ සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇත.
අදාළ සාකච්ඡාවලින් අනතුරුව, හෙට (27) රාත්‍රියේ මෙරට විදේශ අමාත්‍යවරයා සහ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමග රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වනු ඇත.

