මාස කිහිපයක් පුරාම පුරප්පාඩු වී පැවති විගණකාධිපති ධුරයට සමුදිකා ජයරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සේවය කරන සමුදිකා ජයරත්න ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙක් වන අතර ඇය දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කරයි.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ඉහළ පෙළේ විගණන වාර්තා කිහිපයකම ඇය අධීක්ෂණ සහ දායකත්ව කාර්ය භාරයක් ඉටු කර ඇත.
තවද පාර්ලිමේන්තු කමිටු සහ අනෙකුත් අධීක්ෂණ ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විගණකාධිපතිවරයාට සහාය වී ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව සමුදිකා ජයරත්න වේ.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක් වන සමුදිකා ජයරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය සහ ගණකාධිකරණය පිළිබඳ B.Com (විශේෂ) උපාධිය ලබා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න පත්කර ඇති අතර ඇය කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.
2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග විගණකාධිපති තනතුර පුරප්පාඩු විය.

