සුපිරි ජයත් සමග සුපිරි වටයට ආ ශ්‍රී ලංකාව.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 181ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 184ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අතිවිශිෂ්ඨ ශතකයක් වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුසුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments