මැදපෙරදිග ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි.!

මේ වනවිට මැදපෙරදිග සහ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මත එම ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ මෙරටට පැමිණෙන ගුවන්යානා සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව එම රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිත කරමින් ක්‍රියාත්මක වන ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ෆිට්ස් ගුවන් සමාගම තීරණය කර ඇත.

එනිසා එම ගමනාන්තය බලා ගමන් කිරීමට සූදානමින් සිටින ගුවන් මගීන්හට ගුවන්තොටුපොළ බලා පැමිණීමට පෙර, තම ගුවන් ගමන් නියෝජිතයා හෝ ගුවන් සමාගම සමග සම්බන්ධ වීමෙන් ගුවන් ගමන් පිළිබඳව දැනුවත් වන ලෙස එම අධිකාරිය දැනුම් දෙයි.

අවශ්‍යතා මත ගුවන් ගමන් යොමු කිරීමට සිදුවුවහොත් මත්තල ගුවන්තොටුපොළ ඒ සඳහා සූදානම් කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments