By unusuma.lk on [last-modified] (LK time)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ විපතට පත් වූ ජනතාව වෙනුවෙන් අඩුම තරමේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
“අද සාකච්ඡා කරන්න තිබුණේ ආපදාව ගැන. නමුත් ඒකට අවස්ථාව නොලැබී අයවැය විවාදය කරන්නට ලැබීම ගැන අප කණගාටු වෙනවා. ආපදාවෙන් විපතට පත් ලක්ෂ ගණන් ජනතාව ගැන මේ තරමින් වත් නොතැකීම ගැන අප කණගාටුවට පත්වෙනවා. මේ වසර හතරක් තුළ අපේ රටට සිදුවූ හතරවෙනි ඛේදවාචකයයි. පාස්කු ප්‍රහාරය, කොරෝනා අර්බුදය,රට බංකොලොත් වීම වගේම සුළි කුණාටුව මේ අර්බුදයි.
විපතට පත්වුණු අය ගැන විවාදයක් ලබාදෙන්න රජය අපොහොසත් වුනා. මේ විපතට පත් වූ අය වෙනුවෙන් අඩුම ගණනේ ජාතික ශෝක දිනයක් වත් ප්‍රකාශයට පත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අප සැමගේ වගකීම වන්නේ විපතට පත් වූ අය රැක බලා ගැනීමයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.






