ට්‍රම්ප් දකුණු කොරියාවට 25%ක තීරුබදු පනවයි.!

දකුණු කොරියාව පසුගිය වසර වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙලෙස 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.

මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීම අපේක්ෂා කරන බවද දකුණු කොරියාව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments